ජනතාවගේ කුස ගින්න එක්ක සෙල්ලම් කරන්න බෑ

ජනතාවගේ කුස ගින්න සමඟ එන ආවේග සමඟ සෙල්ලම් කළ නොහැකි බවත් වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.”මිනිස්සුන්ගේ බඩගින්දර එක්ක, අවේගය සමග සෙල්ලන් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. අපි පළවෙනි යෝජනාව ආණ්ඩුවට කරනවා. කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද කියලා පුළුල් නිවේදනයක්, යම් සකච්ඡාවක් ඇතිකරගත යුතු වෙනවා. අර කාලෙට, මේ කාලෙට, පසුගිය ආණ්ඩුවලට චෝදනා කළා කියලා මේකට උත්තරයක් හොයන්න බෑ.”යනුවෙන් සඳහන් කළ උන් වහන්සේ මෙසේ ද කීහ.
“මේ වාහනවලට තෙල් දෙන එක සම්බන්ධයෙන් මොකක් හරි සිස්ටම් එකක් හදලා මේ වෙලාවට තෙල් දෙනවා කියලා කියන එක මහලොකු වැඩක්ද? ගෑස් සම්බන්ධයෙනුත් ඒක කරන්න පුළුවන්. මිනිස්සු පෝලිම්වල, සෑම නගරයකම උද්ඝෝෂණ. කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ ඇයි මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්න මැදිහත් වෙන්නේ නැත්තේ? මේ කලබලයට පත්වීම නිසා නොයෙක් ප්‍රශ්න අලුතින් නිර්මාණය වෙන්න පුළුවන්.දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ, අගමැතිවරයා ගැන විශ්වාසයක් නෑ, කැබිනට් එක ගැන විශ්වාසයක් නෑ, මන්ත්‍රීවරුන් ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේක විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මේ තෙල් ටික, ගෑස් ටික බෙදාගන්න බෑ කියන අවිශ්වාසය වෙනුවට කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ මේ ප්‍රශ්නය කළමණාකරනය කරලා පෙන්නුවොත් මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇතිවෙයි මේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.මේක කරන්න නම් හොඳ වැඩකාරයෙක් අපිට අවශ්‍යයි. අපිට පේනවා දැන් රට අයාලේ යනවා. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව කියන්න මේ විශ්වාසය හදන්නේ කොහොමද? ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? ඒක විසඳන්න කොපමණ කාලයක් යනවාද? කියලා.
එහෙම නොවී තව තවත් අයාලේ යන්න ඇරලා, සියලු දෙනා පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත්වෙලා සංකීර්ණ තැනකට පත්වෙනවා. නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් ද ඥානසාර හිමියෝ
සඳහන් කළහ.

 

කාලීන පුවත්