මේ වන විට රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින බැවින් නොපමාව ඔවුන්ට සහනයක් ලබා දීම පිණිස නිශ්චිත වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමේ වැදගත් බව මුදල් ඇමති වරයා ද වන ජනාධිපති අනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මහජන එක්සත් පෙරමුණේ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු පොදු එකඟතාවකට පත්ව සිටිති.මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයිද එය නොපවත්වන්නේ නම් එම මැතිවරණයට නාමයෝජනා දුන් අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කරන්නැයිද ඔවුන් ජනාධිපති වරයාගෙන් විශේෂ ඉල්ලීමක් කොට තිබේ.