නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා (19 , 20) දෙදින තුළ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්රකාශ කරයි.
රජයේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 19 වැනිදා පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා ද 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා ද පවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව මෙම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.