ජනපති අනින් විදුලි කප්පාදුව නවතී

විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25)ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමේදී විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත.පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් අද සිට විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය මුලින් තීරණය කර තිබූ අතර මහජන උපයෝගීතා කොමිසමින් ද ඊට අවසර හිමි ව තිබිණ.විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් ආනයනයට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙම කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. නමුත් රටේ පවත්නා වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ විදුලිය සපයා ගැනීම වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීම ආර්ථික සමතුලිතතාව රැක ගැනීමට තවත් බාධාවක් විය හැකි බවත් රටේ ජල විදුලි සැපයුම තවදුරටත් අඩු වීම,සෙසු විදුලි බලාගාර වල නඩත්තුව ආදී කරුණු මුල් කොට ඉදිරියටත් විදුලි බිඳ වැටීමට සිදුවන බව පෙන්වා දෙන විදුලි ඉංජිනේරු වරු ඉතා නුදුරේදීම විදුලි බිල සියයට තිහක් ඉක්මවන ප්‍රතිශතයකින් ඉහළ නැංවෙන බවට ද පුරෝකතනය කරති.

කාලීන පුවත්