ජනපති අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර සුහද හමුවක් අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය සුහද සාකච්ඡාවක් සඳහා (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූවාය.ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ධනාත්මක ව්‍යුහයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය පොරොන්දු වූවාය.පසුගිය දා ජනාධිපති කාර්යාලය අරගල කරුවන්ගෙන් මුදා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කළ මෙහෙයුම මුල් කොට ඇය විසින් තම නිල ට්විටර් ගිනුමේ තැබූ සටහනක් පිළිබඳව පසුගිය දා ජනාධිපති වරයා විසින් ඇය දැනුවත් කරන ලදී.