ජනපති ඉවත් වියයැයි ඩලස් ඇතුළු පොදු පෙරමුණු මන්ත්රී වරු 47ක් කියති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව උදාකර දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් හතළිස් හත් දෙනකු සාමූහිකව තීරණය කර තිබේ.ඒ ඊයේ(080 පස්වරුවේ පැවති රැස්වීමකදී ය. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන චරිත හේරත්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් එක් වූ මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිවරයා ධුරයට පත් කළ යුතු බවකි.