ජනපති කැඳවූ පක්ෂ නායක හමුව ඵලදායකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(26) කැඳවා තිබූ පක්ෂ නායක හමුව ඵලදායකත්වයක් නොමැති එකක් සේ හැඳින්විය නොහැකි බවත් තම විශ්වාසයට අනුව එහි යම් ඵලදායකත්වයක් ඇති බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියයි.එහි දී ජනාධිපති වරයා දහතුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පක්ෂ නායකයන් ගෙන් කරුණු විමසා සිටි බවත් ඒ අනුව ඉදිරියේ දී කුමක් හෝ සිදු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වෙල්ගම මහතා කීය.එහි දී මෙම සාකච්ඡාවෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබේද?යනුවෙන් විමසූ විට වෙල්ගම මහතා කියා සිටියේ එසේ විසඳුමක් සෙවීමට පෙර දහතුන් වන දහතුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත විය යුතු බව ය.එමෙන්ම ජනපති වරයා කැඳවා තිබූ පක්ෂ නායක හමුව ඵලදායකත්වයක් නොමැති එකක් සේ පවසනුයේ මෙම වැඩ පිළිවෙලට විරුද්ධ වූවන් බව ද ඔහු කීය.