ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය යටතේ වන පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් “ඇස් පියා ගෙන” මුදල් වෙන් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කර ඇති ප්‍රකාශයක් මුල් කොට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ලබන 21 වැනිදා රැස්වී තීරණයක් ගැනීමට නියමිතව ඇත.එමෙන්ම ජාතික ජන බලවේගයෙන් පිට පළාත් පාලන ආයතන වලට මහ ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීමේදී දහ වතාවකටත් වඩා විමසා බලන්නට සිදුවන බවත් ඊට හේතුව ඔවුන්ගේ ඉතිහාසය පිරිසුදු නැති නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇත.ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසනුයේ ජනපති වරයාගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත් එම පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කර තීරණයක් ගන්නා බවත්ය.