ජනපති ගේ රු:25000 පොහොර සහනාධාරය ලබා දෙන්න

මෙතෙක් රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය මෙවර මහ කන්නයේ දී රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන එම පොහොර සහනාධාරය අත් හිටුවීම සිදු නොකරන ලෙස හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.ඒ මහතා මෙම ඉල්ලීම කළේ අද මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවෙමිනි.මෙතෙක් රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය මෙවර මහ කන්නයේ දී රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය රජයේ අමාත්‍ය මන්ඩලය තීරණය කළ බවත් ජනාධිපතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයා විසින් එම පියවර ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.නමුත් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා මැතිවරණය නීතිය යටතේ එම පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත් හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති මුත් මෙම පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබා දිය යුතු බවත් එසේ නොවුනහොත් ලබන මහ කන්නයේදී වී අස්වනු පහළ ගොස් සහල් හිඟයක් පවා ඇතිවිය හැකියැයිද මහින්ද අමරවීර මහතා පැවසීය.මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න, හා හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරු ද සහභාගී වූහ.

කාලීන පුවත්