ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (15) පැවැති සාකච්ඡාවකදී ඒ බව තීරණය කර ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනය කිරීමත් සමග මෙම තීරණයට සිය පක්ෂය එළඹුණු බවය.මේ අතර පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට තමන් සුදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද විශේෂ නිවේදනයක් කරමින් පවසා ඇත.