නව ජනාධිපතිධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉදිරිපත්ව සිටිති. ඔවුන් සිවු දෙනා සඳහාම වෙන වෙනම මන්ත්‍රී කණ්ඩායම් වෙන්ව ඇති අතර එහි දී තම පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දීමේ ක්‍රියාවලියේ ද යම් වෙනස් කම් ඇති විය හැකි බවක් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.