ජනපති රනිල් ගේ‘පුළුවන් ශ්‍රී ලංකා’හෙට එළි දකී

‘පුළුවන් ශ්‍රී ලංකා’ යන තේමාව මුල්කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී හෙට (29) එළිදැක්වෙනු ඇත. රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට යහපත් රටක් ගොඩනැඟීම ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවර ගණනාවක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අවධානය යොමු කර තිබෙන බව ද එම ප්‍රකාශකයා කීය.

කාලීන පුවත්