ජනපති රනිල් පොහොට්ටුව යට කර ගනී?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලයට ඉහළින් කටයුතු කිරීම අරඹා ඇති බවත් පොදු පෙරමුණු පාර්ශවයෙන් ද ඊට සෘජු අභියෝගයක් එල්ල වී නොමැති බවත් එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය කාලයේ බරපතල සමාජමය විවේචන වලට එල්ල වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දේශපාලනඥයන් කිහිප දෙනකුට කැබිනට් ඇමතිකම් ලබා දෙන ලෙස එම පාර්ශවයයෙන් කළ ඉල්ලීම ජනාධිපති වරයා මෙතෙක් ක්‍රියා නොකිරීම ඊට ආසන්නතම නිදසුන ලෙස ද ඔව්හු පෙන්වා දෙති.ඒ අතර මීළඟට ජනාධිපතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු සූදානම් කරමින් ඇති බවත් එහිදී නිර්පාක්‍ෂික අපේක්ෂකයෙකු ලෙසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.එම තත්වය යටතේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අපේක්ෂක ඉදිරිපත් නොකරන බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දක්වා වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් නැවතත් රාජපක්ෂ වරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ එකඟතාවයට පැමිණ ඇති බවත් හෙතෙම පැවසීය.

කාලීන පුවත්