නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැඟීමට ක්‍රියාකිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.අප රටට විදේශ ආධාර හිමි වනුයේ ස්ථාවර රජයක් පැවතිය හොත් පමණක් බව පැවසූ හිටපු ජනාධිපති වරයා එබැවින් ජනාධිපති වරයා කලුද? සුදුද? යන්න ප්‍රශ්නයක් නොවිය යුතු බව ද කීය ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි