ජනපති රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි බැහැ දකී;කරු හා ලසන්තත් එක් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහි දී නව ජනපතිවරා ඇමතූ අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට මහා සංඝරත්නයේ ආශීර්වාදය ජනාධිපතිවරයා වෙත හිමි වන බව පැවසූහ.

එමෙන්ම මෙම අවස්ථාව සඳහා කරු ජයසූරිය හා ලසන්ත අලගියවන්න යන දේශපාලනඥයන් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

කාලීන පුවත්