ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා දුරකථනයෙන් අමතා ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ණය සහන පදනමෙන් ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. ඒ අතර රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එරෝෆ්ලොට් ගුවන් සේවාව යලි ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.