ජනපති සටනට තිදෙනෙක් එක් වෙති

ජනපති සටනට තිදෙනෙක් එක් වෙති අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දැනට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ගේ නම් යෝජනා වී තිබේ.අනුප්‍රාප්තික ජනාධිපති පදවිය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම සභා නායක දිනේෂ් ගුණවර්ධන යෝජනා කරනු ලැබූ අතර, එය මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් ස්ථිර කොට තිබේ.මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කර සිටි අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල්. පිරිස් මහතා විසින් ස්ථිර කර ඇත.අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ නම මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් යෝජනා කරනු ලැබූ අතර, මන්ත්‍රී හරිනි අමරසුරිය මහත්මිය විසින් ස්ථිර කරන කොට තිබේ.නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දින පැවැත්වීමට නියමිතයි.

කාලීන පුවත්