ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සතුව සිටියදී 2015 වසරේ දී පින්නවල අලි අනාථාගාරයට බාර දෙන ලද “චරක” මේවන විට ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසේ නොව නොව දෙනියායේ පන්සලක සිටින බව වනජීවි රාජ්ය ඇමති විමලවිර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.එම අලි පැටවා නැවත වරක් අධිකරණයෙන් ජනාධිපති වරයාට ලබාදී ඇතැයි වනජීවි රාජ්ය ඇමති වරයා කීය.රාජපක්ෂ පවුලේ කනිටු සාමාජිකාවක වූ නැසීගිය ගාන්ධිනී රාජපක්ෂ මහත්මිය විවාහ වී සිටියේ ද දෙනියාය බෙවරලිය වත්තේ ඉඩම් හිමි වැවිලි කරු තුසිත රණවක මහතා සමඟය.