ජනපතිට “උණුසුම්”පිළිගැනීමක් හිමි වූ බවක් ජනපති මාධ්‍ය අංශය කියන්නේ ඇයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පිවිසි අවස්ථාවේදී මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින්, ප්‍රීති ඝෝෂා කරමින් ඉහළ පිළිගැනීමක් හිමි වූ බවයි.යම් රාජ්‍ය නායකයකු එරට පාර්ලිමේත්තුවට පිවිසීමේ දී උණුසුම් පිළිගැනීමක් හිමි වීමේ ප්‍රවෘත්තිමය වටිනා කමක් නැත.එහෙත් ,එම සාමාන්‍ය තත්වය ප්‍රවෘත්ති නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය ක්‍රියා කිරීම මඟින් ඔවුන් අනියමින් හඟවා ඇත්තේ පවතින වාතාවරණය යටතේ ජනාධිපති වරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වීම පවා ප්‍රවෘත්තිමය අගයක් ඇති සිදුවීමක්  බවකි. .එමෙන්ම සාමාන්‍ය පුවත් පත් වාර්තාවකට වඩා ප්‍රමිතිගත බවක් රජයේ වගකිව යුතු ආයතනයකින් නිකුත් කෙරෙන මාධ්‍ය අංශ වල තිබිය යුතු බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වැඩිදුරටත් කියා සිටියේ පැහැදිලි විද්‍යාත්මක සහ තාර්කික පදනමකින් පැවැතිය යුතු එම නිවේදන තුළට “උණුසුම් ” වැනි භාවාත්මක භාවිතයන් යෙදීමෙන් ඒවා ද අනවශ්‍ය අන්දමින් හෑල්ලුවට ලක් වන බවකි.

කාලීන පුවත්