ජනපතිවරණ අපේක්ෂකයා ගැන ඕනෑම තීරණයක් ගන්න පක්ෂයට පුළුවන්

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඕනෑම තීරණයකට ඒමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් වශයෙන් කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග පක්ෂ පොදු සාමාජිකත්වය හිටගන්නා බව තමන්ට විශ්වාස බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීමත් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට පක්ෂය තුළ නිදහස ඇති බවයි.

කාලීන පුවත්