ජනපතිවරණය කල් දාන්න විවිධ උපක්‍රම යෙදුවත් වැඩක් වුණේ නෑ

පොලිස්පති වරයා නොමැති වීම ජනාධිපතිවරණයට බාධාවක් නොමැති බවත් ජනාධිපතිවරණය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමෙන් පලක් නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසයි..මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ වාද්දුව බෝධිරාජාරාම විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.” ජනාධිපතිවරණය කල් දාන්න විවිධ උපක්‍රම භාවිතා කළාට වැඩක් වුණේ නෑ.ජනාධිපති සහ අගමැති කොළඹ රාජකීය විද්‍යාලයට ගිහින් කියනව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු පිළිගන්නේ නෑ කියලා.විශේෂඥ වෛද්‍යවරුන් 1500 ක් රට හැර ගිහිල්ලා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු රට හැර යනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහාට මෙහාට පැන්නට ජනාධිපතිවරණයේ තීන්දුව දෙන්නේ ජනතා බලයෙන්.”යැයි ද මන්ත්‍රී වරයා කීය.

කාලීන පුවත්