ජනපතිවරණය සැප්තැම්බර් 21 දා;සංඛ්‍යානමය අනාවැකියක් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනාධිපතිවරණය තියයිද? නැතිද?මේ පසුගිය මාස හත අටක කාලය පුරාම දේශපාලන ක්ෂේත්‍රයේ තිබුණු ප්‍රධානම ප්‍රශ්නය යි.මැතිවරණ කොමිෂන් සභාව අතට ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල බලය මේ මස18 වැනිදා සිට ලැබුණ ද අර අවිනිශ්චිත භාවය ඒ අන්දමින්ම පවත්වාගෙන යාමට දේශපාලනඥයෝ කටයුතු කරමින් සිටිති. පෙරේදා එක් දේශපාලනඥයෙකු හදිසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසිරවීමේ සැලැස්මක් ද යටින් තිබෙන බව ය.සමාජ මාධ්‍යවල සක්‍රියව සිටින දේශපාලන කල්ලි අදත් පවසන්නේ ජනාධිපතිවරණය නොපැවැත්වීමේ කුමන්ත්‍රණ තවමත් සක්‍රිය බව ය.ඒ අනුව ජනාධිපතිවරණය පිළිබඳ අවිනිශ්චිත භාවයක් සමාජ ගත කර ඇති පසුබිමක ඒගැන යම් විශ්ලේෂණයක් කිරීම කාලෝචිත වෙයි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ 31(3) ව්‍යවස්ථාවේ ය.එහි සඳහන් වන්නේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීම ධුරය දරන ජනාධිපතිවරයාගේ නිල කාලය ඉකුත් වීමට මාසයකට පෙර හා මාස දෙකකට පෙර නොවන කාලයක දී කළ යුතු බව ය. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ නොවැම්බර් 17 බැවින් ඔක්තෝම්බර් 16ට පෙර හා සැප්තැම්බර් 17න් පසුව නව ජනාධිපතිවරයා තෝරා පත් කළ යුතු ය.එබැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට දින 30ක කාලයක් වෙන්කර තිබේ.ඒ ඉහත සඳහන් කළ සැප්තැම්බර් 17ත් සිට ඔක්තෝම්බර් 16දක්වා ඇති දින සංඛ්‍යාවයි.

මේ යන විදිහට නම් ජනාධිපතිවරණ දිනය සැප්තැම්බර් 21 ද වීමට වැඩි ඉඩක් පවතී. ඒනිසා දේශපාලකයින්ට හා ඇම්බැට්ටයින්ට මහජනතාව තුළ අවිනිශ්චිතතාවයක් පවත්වාගෙන යා හැක්කේ තව දින තුන හතරක් පමණි.ජුලි18 19දෙදින මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා දැන්වීම නිකුත් කිරීමෙන් වැලකී සිටියේ අන් හේතුවක් නිසා නොවේ. එම දින දෙකේ දැන්වීම නිකුත් කර නාමයෝජනා දින නියමකළොත් මැතිවරණ දිනය නීත්‍යානුකූල කාලවකවානුව තුළ නියම කිරීම අපහසු වන නිසාය. එම නිසා නාම යෝජනා දැන්වීම ලබන සතියේ නිකුත්වෙනු ඇත.

ජනාධිපතිවරයා ඉහත පරිදි නියමිත දිනයේදී තෝරා ගැනීමට අදාල ක්‍රියා පටිපාටිය සඳහා විධිවිධානයන් පනවා ඇත්තේ 1981අංක 15දරණ ජනාධිපතිවරය තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේය එම පනතේ 2වන වගන්තියේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභවට ජනාධිපතිවරයා තෝරාගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමවන අවස්ථාවකදී කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයේ පළ කරන දැන්වීමක් මගින් නාම යෝජනා කැඳවිය යුතු බව ය.එසේම එම දැන්වීම පළකරනු ලබන දිනයේ සිට දින 16ත් 21ත් අතර දිනයක දී නාම යෝජනා කැඳවීම හා එම නාමයෝජනා කැඳවන දින සිට සති 4ක් (දින 28ක් හා සති 6ක් (දින 42ක්)අතර කාලය තුළ ඡන්ද විමසීමේ දිනය නියම කළ යුතු ය යනුවෙන් ද එහි සඳහන්වේ.එමෙන්ම එම නාම යෝජනා දිනය හෝ මැතිවරණ දිනය නිවාඩු පනත යටතේ ප්‍රකාශයට පත් කළ නිවාඩු දිනයක් හෝ පසලොස්වක පොහොය දිනයක් නොවිය යුතු බව ද සඳහන්‍ ය.නිවාඩු පනතේ දෙවැනි වගන්තිය අනුව සෑම ඉරිදා දිනයක්ම ප්‍රසිද්ධ නිවාඩු දින වේ. එමෙන්ම පුර පසලොස්වක පොහොය දින ද ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.මේ නිසා ජනාධිපතිවරණය පැවැත්වීමට අදාලව ව්‍යවස්ථාවෙන් නියම කර ඇති දින තිහේ කාලය තුළ ඉරිදා දින හතරක් ද පොහොය දිනයක්ද ඇත.ඒ දින පහ අඩුවූ පසුව මැතිවරණ දිනය ලෙස තෝරා ගැනීමට ඇත්තේ දින විසිපහකි.ඒ අඩු වෙන දින සැප්තම්බර් 17පොහොය දිනය සැප්තැම්බර් 22, 29,ඉරිදා දින ඔක්තෝම්බර් 6 හා 13 ඉරිදා දින වශයෙන් වේ.ඒඅනුව එම දිනවල මැතිවරණය පැවැත්වීම නීත්‍යනුකූල නොවේ. එසේම නාම යෝජනා දිනය ද රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවිය යුතුය නාම යෝජනා දිනය තීරණය කිරීමේදී තවත් එක් කාරණයක් සලකා බැලිය යුතු ය.ඒ නාම යෝජනා දිනට පෙර දිනයේ මධ්‍යාහ්න 12.00දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට නීතියෙන් ඉඩදී තිබීම නිසා ඇප මුදල් තැන්පත් කරන දිනය ද නිවාඩු දිනයක් නොවිය යුතුය යන්න ය.එසේ වන්නේ නිවාඩු දිනයක මුදල් තැන්පත් කිරීම් සිදු නොකරන බැවිනි.ඒඅනුව නාමයෝජනා භාර ගැනීමට ඉඩ ඇති අගෝස්තු මාසයේ නිවාඩු දින හා ඊට පසු දිනයන් වල ද නාම යෝජනා භාරගත නොහැක. අගෝස්තු මාසයේ ඇති ඉරිදා හා පොහොය දින5 කි.

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයට දින නියම කළත් මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය මිස මහ මැතිවරණය නොවන බව ද සඳහන් කළ යුතු ය.එනිසා දේශපාලකයින්ගෙන්ද ගෝල බාලයින්ගෙන්ද ඉල්ලා සිටිය යුත්තේ බොරු බේගල් ඇදබාමින් මහජනතාව නොමඟ නොයවා ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට ය.

ඒ දින හා ඊට පසු දිනයන් මෙසේ ය.අගෝස්තු 4,5,11,12,18 19.20,25,26 ඉහත දිනවල නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කළ නොහැකි ය .මේ අනුව අගෝස්තු මාසයේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයක නාමයෝජනා දිනය ලෙස නියම කිරීමට මැතිවරණ කොමිසමට සිදු වේ.අගොස්තු හය නාම යෝජනා දිනය ලෙස නියම කොළොත් එදින සිට උපරිම දින හතලිස් දෙකකින් ඡන්දය පැවැත්වීමට නොහැකි වෙයි. අගෝස්තු හය සිට හතලිස් දෙවැනි දිනය සැප්තැම්බර් 17වීමත් එදින පසලොස්වක පෝය දිනයක් වීමත් නිසා ය .ඒ අනුව ජනාධිපති මැතිවරණය සඳහා නියමිත ව්‍යවස්ථාපිත කාලය ආරම්භ වන සැප්තැම්බර් 18 දින සිට ඉදිරියට මැතිවරණය දිනයක් නම් කිරීමට නම් අගෝස්තු 6 දිනයට පසුව නාම යෝජනා භාර ගත යුතු ය. අගෝස්තු හත අට නවය දින තුනෙන් එකක නාම යෝජනා භාර ගැනීමට නියම කළොත් මැතිවරණය පැවැත්වීම සැප්තැම්බර් 18,19,20,දින තුනේදී සිදු කළ යුතුවේ.අගෝස්තු 7 භාර ගන්නා නාම යෝජනා අනුව ජනාධිපතිවරණය සැප්‍තැම්බර් 18ට පෙර පැවැත්විය යුතු ය අගෝස්තු 8 දා නාම යෝජනා භාර ගත්තොත් සැප්තැම්බර් 19හෝ ඊට පෙර 18 ජනාධිපතිවරණය අනිවාර්‍යයෙන්ම පැවැත්විය යුතුය.අගෝස්තු 9නාම යෝජනා ගත්තොත් 18හෝ 19 ජනාධිපතිවරණය පවත්වා නිම කළ යුතු ය. මේ නිසා ජනාධිපතිවරණ පනතට අනුව ජනාධිපතිවරණය පැවැත්විය හැකි 42 වන දිනය යෙදෙන සැප්තැම්බර් 18,19,හෝ 20ජනපතිවරණ දින ලෙස නියම වෙතැයි සාධරණව සිතිය නොහැක. එමනිසා ජනාධිපතිවරණය පැවැත්වීම සැප්තැම්බර් මාසයේ දී නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නම් නාමයෝජනා භාර ගත යුත්තේ අගොස්තු12න් පසුවම ය. අගෝස්තු13 සිට නාම යෝජනා භාර ගැනීමට නම් නාම යෝජනා දැන්වීම ජුලි 23 සිට වත් නිකුත් කළ යුතු ය. එම නිසා අනිවාර්‍යෙන්ම ජුලි 23 අඟහරුවාදා දිනෙන් පටන් ගෙන 26 සිකුරාදා දිනෙන් අවසන් වන දින හතර තුළ දී නාමයෝජනා දැන්වීම නිකුත් කරනු ඇතැයිඅපේක්ෂා කිරීම නිවැරදි වේ. ඒ සතියේ නාම යෝජනා භාර ගත හැකි දින හතරෙන් මුල දිනයේ නාම යෝජනා භාර ගන්නේනම් මැතිවරණ දින විය යුත්තේ.සැප්තැම්බර් 21.23,24,25 26 27 යන දින හයෙන් එකකි.මේ දින හයෙන් 21 සෙනසුරාදා ය. 23-27දක්වා සඳුදා සිට සිකුරාදා දක්වා දිනයි.ඒඅනුව මෙතෙක් අනුගමනය කළ ක්‍රම වේදවලට අනුව සෙනසුරාදා දිනයක ජනාධිපතිවරණය පවත්වන්නේ නම් ඒ දිනය සැප්තැම්බර් 21 හා 28,දින දෙකෙන් එකකි. මේ යන විදිහට නම් ජනාධිපතිවරණ දිනය සැප්තැම්බර් 21 ද වීමට වැඩි ඉඩක් පවතී. ඒනිසා දේශපාලකයින්ට හා ඇම්බැට්ටයින්ට මහජනතාව තුළ අවිනිශ්චිතතාවයක් පවත්වාගෙන යා හැක්කේ තව දින තුන හතරක් පමණි.ජුලි18 19දෙදින මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා දැන්වීම නිකුත් කිරීමෙන් වැලකී සිටියේ අන් හේතුවක් නිසා නොවේ. එම දින දෙකේ දැන්වීම නිකුත් කර නාමයෝජනා දින නියමකළොත් මැතිවරණ දිනය නීත්‍යානුකූල කාලවකවානුව තුළ නියම කිරීම අපහසු වන නිසාය. එම නිසා නාම යෝජනා දැන්වීම ලබන සතියේ නිකුත්වෙනු ඇත.

ඊළඟට මේ එක්කම පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපතිවරණය “අල කරවීමට” හදනු ඇතැයි යන බියක් ඇති කිරීමටද ඉඩ ඇත. පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයට දින නියම කළත් මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය මිස මහ මැතිවරණය නොවන බව ද සඳහන් කළ යුතු ය.එනිසා දේශපාලකයින්ගෙන්ද ගෝල බාලයින්ගෙන්ද ඉල්ලා සිටිය යුත්තේ බොරු බේගල් ඇදබාමින් මහජනතාව නොමඟ නොයවා ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට ය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර