ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස් කිරීමේ කටයුතු 2024 ඔක්තෝබර් 07වනදා ආරම්භ කළ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න කියා සිටියේ මෙම සංගණනය සිය දෙපාර්තමේන්තුව විසින් සංගණන ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුව සිදු කරන බවයි.

අදාළ සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සංගණනය හරහා ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ත සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වන තොරතුරු ලබා දෙන දෙන බව වාර්තා වේ.

 

කාලීන පුවත්