ජනවාරියේ සිට විදුලි බිල යළි ඉහළට?

ලංකා විදුලි බල මණ්ඩලය තව දුරටත් පාඩු ලැබීම මත ලබන ජනවාරි මස යළි විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරුවෝ අනුමාන කරති.මෙම වසරේ දී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නිසා මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000) අධික පාඩුව පියවා ගැනීමට ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇති බව ඔවුන් ගේ අනුමානයයි. පෞද්ගලික හා අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගෙන අඛණ්ඩව පැය විසිහතරේම විදුලිය ලබා දීමට ක්‍රියාකිරීම නිසා ගාස්තු වැඩිකර තිබියදීත් ලංකා විදුලි බල මණ්ඩලය තව දුරටත් මෙලෙස පාඩු ලබන බව ද ඉංජිනේරුවෝ පවසති.විදුලි ගාස්තු සංශෝධනය කළ හැක්කේ වසරකට දෙවතාවකි.

කාලීන පුවත්