ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ගේ වාර්තා මහජන ප්‍රදර්ශනයට

2024 ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළව තරග කළ සියලු අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තාවල පිටපතක් ලබන 24 වැනිදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා තබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අදාළ වාර්තා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පරීක්ෂා කළ හැකියි.

කොමිසම නියම කරන මුදලක් ගෙවා එහි පිටපත් මිලදී ගත හැකි බව සඳහන්. ඒවායේ පවතින ගැටලු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකියි.

කාලීන පුවත්