ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කරයි. මේ වනවිට මණ්ඩලයට බිල්පත් වලින් අයවිය යුතු හිග මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව පවසන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බව ද ජල පාරිභෝගිකයන් වෙත දැනුම් දෙයි.