ජල සම්පාදනයත් මුර ක්‍රමයට ජල සැපයුම අරඹ‍යි

මේ දිනවල රට තුළ පවතින අධික වියළි කාලගුණික තත්වය හමුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ජලසම්පාදන ව්‍යාපෘති 344 ක් අතුරින් 20 ක නිරන්තරව ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීම ආරම්භ කර ඇත.කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර, ඌරුබොක්ක, හම්බන්තොට, බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෙයිපත්තුව, පොතුවිල්, තිරුක්කෝවිල්, මොනරාගල, බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙල, බෝගහකුඹුර, හල්දුම්මුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජල සම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ ජලය ලබාදීම සිදුකරයි.පවතින තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන ලෙසද ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලීන පුවත්