ජල හිඟයක් ගැන පූර්ව දැනුම් දීමක්

මේ දිනවල පවතින නියං තත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් ජල සැපයුම ලබා දෙන ප්‍රදේශ වල උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩුවීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.
එබැවින් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන්නැයි මණ්ඩලය සියලුම ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.. අධික පෑවුම ජල සැපයුමට බාධාවක් නොවුණ ද ඊට සාපේක්ෂව ජල පරිභෝජනය ශීඝ්‍රයෙන් ඉහළ යාම ගැටලුවක් බැවින් මල්පාත්ති, ගෙවතු වගා සදහා මෙන්ම වාහන සේදීමේ කටයුතු වලට පිරිසිදු ජලය භාවිතා කිරිමෙන් වලකින ලෙස ද ඉල්ලීමක් කෙරේ.

කාලීන පුවත්