ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

පුවත් පත් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ සම්බන්ධ මනා නිපුනත්වයකින් යුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කෙටි කලක් අසනීප තත්වයෙන් පසු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා දිවයින ලක්බිම රිවිර හා සත්දින ආදී කර්තෘ මණ්ඩල වල සේවය කොට ඇති අතර අවසන් වරට සති අග අරුණ පුවත් පතේ උප කර්තෘ වරයකු ලෙස කටයුතු කරමින් සිටියේ ය.විශ්ව සාහිත්‍යය නිතර ඇසුරු කළ තිලකරත්න මහතා විදෙස් සාහිත්‍ය කෘති කීපයක් සිංහලට පරිවර්තනය කොට ඇත. නේපාල කෙටි කතා සංග්‍රහයක් “වැරැදි කණ්ණාඩිය” යනුවෙන් මුලින්ම සිංහලට පරිවර්තනය කළේ ද ඒ මහතා ය.මිය යන විට උපාලි තිලකරත්න මහතා හැට දෙහැවිරිදි වියේ පසු විය. ඒ මහතාගේ දේහය මේ වන විට වේයන්ගොඩ,පාරමුල්ලේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (04) පස්වරු 6.00ට නිට්ටඹුව, මල්වත්ත අදාහනාගාරයේදී සිදු කෙ⁣රේ.

කාලීන පුවත්