ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී,රංගනවේදී රංජිත් වික්‍රමසිංහ මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (29)රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.ශ්‍රී ලංකාව නියෝජන කරමින් ජාත්‍යන්තර සිනමා කෘතීන් කිහිපයකම වෙස් ගැන්වීම් කටයුතු කළ ඒ මහතා තම සුවිශේෂ කලා කුශලතාවන් මුල් කොට ජනප්‍රියත්වයට පත් වීමේ පහසු හැකියාවෙන් ප්‍රයෝජන නොගෙන ඉතා නිහඬ අහිංසක දිවි පෙවෙතක් ගත කළ අයෙකි.එමෙන්ම මිනිසුන් කෙරෙහි මෙන්ම අසරණ සතුන් කෙරෙහි ද මහත් දයානුකම්පාවක් දැක්වූවකු ලෙස ද ඔහු හිතවතුන් අතරේ ප්‍රචලිතව සිටියේ ය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (31 නාරම්මලදී සිදු කිරීමට නියමිත ය.