ජාතික ආරක්ෂාවට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවනවා

අප රටේ ඇති ග්‍රාම නිලධාරී වසම් දාහතර දහස් විසි දෙක තුළ සාමාජිකයන් විසි පස් දෙනා බැගින් වන ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා ජාතික ආරක්ෂාව තහවුරු කරවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ නුවරළිය පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.නමුත් ලෝකයේ ප්‍රජා පොලිස් සේවාව එලෙස එක් අරමුණක් පෙරදැරිව ක්‍රියාත්මක වන්නක් නොවන බවත් එය ඉතා පුළුල් සමාජමය ප්‍රතිලාභ රැසක් ඉලක්ක කර ගැනීමේ බුද්ධිමය උපාය මාර්ගයක් බවත් සමාජ විද්‍යාඥයන් නොයෙක් වර අවධාරණය කර තිබේ.

කාලීන පුවත්