ජාතික ජන බලවේග විරෝධතාවයේ දී ප්‍රාස අපේක්ෂකයෙක් මරුට

ජාතික ජන බලවේගය ඊයේ (26)අගනුවර දී සංවිධානය කළ විරෝධතා පාගමන සඳහා පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරට පත් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ. 61 හැවිරිදි වියේ පසුවන ඔහු විරෝධතාවය අතරතුර කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන ලදුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේ මරණයට පත් ව තිබේ.මරණයට නිශ්චිත හේතුව මේ තාක් අනාවරණය වී නැත.

කාලීන පුවත්