ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය මූලික කරගත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික විරෝධතාව” යන තේමාව යටතේ සංවිධාන කෙරෙන උද්ඝෝෂණ මාලාවක් අද (9) රට පුරා ප්‍රධාන නගරවලදී පැවැත්වේ.ඒ ආණ්ඩුව සිදු කරන්නේ යැයි පැවසෙන මර්දනයට එරෙහිව ය. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට අමතරව පෙළපාළි හා රැස්වීම් ද සංවිධාන කෙරෙන බව ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පවසයි.රටේ ආර්ථික ප්‍රශ්න විසඳන ලෙස බල කිරීම ද මෙම උද්ඝෝෂණවල තවත් ප්‍රධාන අරමුණකි.මේ අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් නීතිය හා සාමය කඩවීම් වලක්වනු පිණිස අද රටපුරා ආරක්ෂක විධිවිධාන තරකෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.නමුදු ගාලු මුවදොර අරගල කරුවන් ගෙන් වැඩි පිරිසක් මීට එක් නොවන අතර.ගාලු මුවදොර අරගලයට නියාමකත්වය දෙමින් අරගල භූමියේම වස් වාසය කරන සුජාත ධම්ම හිමියන් පවසනුයේ නිරායුධ සාමකාමී ස්වරූපයකින් ඇරඹි ගාලු මුවදොර අරගලය”කපා කපා කෑලි කපා යන සටන් පාඨ සහිතව පැමිණි වෛරී සිතුවිලි පුබුදන්නවුන් විසින් විනාශ කළ බවකි.