ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් කළ ඉල්ලීම ඉල්ලීම පිළිබඳව සළකා හෙට (29) අනුමැතිය ලබාදීමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.බස් රථ හිමියන් පවසනුයේ ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික ගාස්තු සංශෝධනය සහ පවතින ඉන්ධන මිල ගණන් අනුව තමන්ගේ එම ඉල්ලීම් ඉටු නොවුණහොත් බස් ධාවනයෙන් ඉවත් වීමට සිදු වන බවය.