ජූලි අවසන් වන විට IOC ඉන්ධන මෙට්‍රික් ටොන් 90,000ක්

මෙම ජූලි මස අවසන් වන විට මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් ඩීසල් සහ පෙට‍්‍රල් නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.ඊට අදාළ පළමු ඉන්ධන තොගය ජූලි මස13 සිට 15 අතර කාලය තුළත් දෙවැනි ඉන්ධන තොගය ජූලි 29 සිට 31 අතර කාලය තුළත් තුන්වැනි ඉන්ධන තොගය අගෝස්තු 15 දිනත් නැව්ගත කිරීම සිදු කිරීමට නියමිත බව එම සමාගම පවසයි.එක් නෞකාවකට මෙට්‍රික් ටොන් 30,000ක් බැගින් ඉන්ධන මෙට්‍රික් ටොන් 90,000ක් සැපයෙන බව සදහන් ය.

 

කාලීන පුවත්