ජූලි හතේ සිට යූරියා බෙදනවා

ඉන්දීය රජයේ ණය ආධාර වශයෙන් මෙරටට ලබාදෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000 කින් සමන්විත පොහොර තොගය ජූලි මස 06 වනදා කොළඹ වරායට ගොඩබෑමෙන් පසුව ජූලි 07 දින සිට ජූලි 15 දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.එම පොහොර බෙදා හැරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතනවල සේවක මණ්ඩල නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට ද එම අමාත්‍යංශය තීරණය කර තිබේ.මේ අතර මෙවර යල කන්නය සඳහා ඉකුත් 22 වන විට වගා කටයුතු ආරම්භ කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර හාරලක්ෂ 92,612 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රමාණය වගා කිරීමට සැලසුම් කර තිබූ සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 82 ක ප්‍රතිශතයක් බවත් දැනට සැලසුම් ගත වැඩ පිළිවෙල ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේ එළඹෙන ආහාර හිඟයක් ගැන අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් කෘෂිකර්ම අමාත්‍ය වරයා කියයි.

කාලීන පුවත්