ජොන්ස්ටන් අත් අඩංගුවට

සුඛෝපභෝගී වාහනයක් නීති විරෝධී ලෙස එකලස් කර පරිහරණය කිරීමේ චෝදනාවට අදාල පරීක්ෂණ සඳහා අද (23) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ප්‍රශ්න කිරීම් වලින් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇත.ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත්තේ ඉහත සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම පිණිස වරෙන්තු නිකුත් කළ පසුව ය.

කාලීන පුවත්