ජොන්ස්ටන් ට චෝදනා එල්ල වන සැප රථය එංගලන්තයෙන් සොරකම් කළ එකක්

ලබන තිස් වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලියාපදිංචි නොකර නීති විරෝධීව භාවිතා කර බවට චෝදනා එල්ල වූ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය එංගලන්තයේදී සොරකම් කළ එකක් බව වාර්තා වෙයි. විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටි අන්දමට අදාල රථයේ චැසි අංකය ජාත්‍යන්තර දත්ත පද්ධතිය හරහා පරීක්ෂා කිරීමේදී මෙම රථය එංගලන්තයේදී 2021 වසරේ සොරකම් කරන ලද එකකි.එමෙන්ම එය මෙරටට ආනයනය කළ එකක් නොවන බව රේගුවේ දත්ත පද්ධතිය හරහා හෙළිව ඇති බවත් එය සොරා ගන්නා ලද අංක තහඩුවක් සමග භාවිතා කර ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.ඒ අතර සැකකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයා අධිකරණයේදී කියා සිටියේ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීම කෙසේ වුවත් එම සොරකමට තම සේවා දායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඔහුට මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බව ය.

කාලීන පුවත්