ඥානක්කාගේ නැකත එනකම් ඉන්නෙ නැතුව දැන්ම ගෙදර යන්න

“අපි දැන් ජනාධිපතිට කියන්නේ ඥානක්කාගේ නැකත එනකම් ඉන්නෙ නැතුව,ඇඟිලි ගනින්නෙ නැතුව හොරගල් අහුලන්නෙ නැතුව විසි අට වෙනිදා අසූ ලක්ෂයක ශ්‍රම බලකාය දුන්නු පණිවිඩේ තේරුම් අරන් ගෙදර යන්න කියලයි.නැත්නම් සුමනදාසගෙන් පාඩම් ඉගෙන ගත්තු අයියගෙන් හරි අහගෙන යන්න”ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්න සමරසිංහ මහතා කියයි.එමෙන්ම ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ ආරාධිතව සහ අනාරාධිතව විසි අට වනදා විරෝධතාවට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසකටත් වසා එක් වූ අතර ආණ්ඩුව මෙම පණිවිඩය දැන්ම තේරුම් ගෙන කටයුතු නොකරන්නේ නම් ලබන හය වනදා ගන්නා ක්‍රියා මාර්ගය මෙතරම් සරල එකක් නොවන බවය.

කාලීන පුවත්