ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් ලෙසිනි. ඔහු විසින් කරන ලද තවත් අතිශයින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ වනවිට දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ලොකු කළබලයක් ඇති කර තිබේ. ට්‍රම්ප් මෙම ප්‍රකාශය කර ඇත්තේ මේ කාලයේ ජාත්‍යන්තරය තුළ මහත් අවධානයක් දිනා තිබෙන ගාසා කලාපයට අදාලව ය.
ඔහු පසුගිය දිනෙක පවසා තිබුණේ මේ වනවිට යුද්ධයෙන් මුළුමනින්ම වාගේ සුන්බුන් බවට පත්ව ඇති ගාසා තීරය ඇමරිකාවේ පාලනය යටතට ගෙන එය නැවත ගොඩ නැගීමට අදහස් කරන බව යි. ජනාධිපතිවරයා මෙය ප්‍රකාශ කර තිබුණේ යෝජනාවක ස්වරූපයෙනි.
මේ වනවිට ගාසා වැසියන් වැඩි දෙනෙකු සිටින්නේ යුද්ධය නිසා අවතැන් වූ තත්වයක ය. ඔවුන් කල් ගෙවන්නේ කඳවුරු ආදියේ යි. තම යෝජනාව යටතේ මේ ජනතාව වෙනුවෙන් යාබද රටවල වඩාත් සුවපහසු, අලංකාර නිවාස ලැබෙනු ඇති බවක් ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ගාසා වැසියන්ට ඔවුන්ගේ භූමියෙන් ඉවත් වීම සඳහා උත්තේජනයක් සැපයීමට මේ තුළින් ඇමරිකානු ජනාධිපතිවරයා වෑයම් කර ඇති බවක් පෙනේ.
ඔහු සඳහන් කරන්නේ ඊශ්‍රායලය ගාසා හි යුද්ධය අවසන් කිරීමෙන් පසු ගාසා තීරය ඇමරිකාවට භාර දෙනු ඇති බව ය.
මේ අතර ගාසා තීරයේ සිටින පලස්තීන ජාතිකයන් ඊජිප්තුව,ජෝර්දානය වැනි යාබද රටවල ස්ථානගත කිරීමක් ගැනද ඔහු පවසා තිබේ. පලස්තීන ජාතිකයන් භාර ගන්නා මෙන් ට්‍රම්ප් ඉහත කී අරාබි රටවලින් ඉල්ලා තිබිණි.

මේ වනවිට ගාසා වැසියන් වැඩි දෙනෙකු සිටින්නේ යුද්ධය නිසා අවතැන් වූ තත්වයක ය. ඔවුන් කල් ගෙවන්නේ කඳවුරු ආදියේ යි. තම යෝජනාව යටතේ මේ ජනතාව වෙනුවෙන් යාබද රටවල වඩාත් සුවපහසු, අලංකාර නිවාස ලැබෙනු ඇති බවක් ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ගාසා වැසියන්ට ඔවුන්ගේ භූමියෙන් ඉවත් වීම සඳහා උත්තේජනයක් සැපයීමට මේ තුළින් ඇමරිකානු ජනාධිපතිවරයා වෑයම් කර ඇති බවක් පෙනේ.
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ පලස්තීන ජාතිකයන් ගාසා තීරයෙන් ඉවත් වීමෙන් පසු මේ වනවිට සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති එම කලාපය සුද්ධ පවිත්‍ර කර, ඉතා සුන්දර ස්ථානයක් ලෙස නැවත ඉදිකෙරෙනු ඇති බව යි. එයින් පසු එහි පදිංචි වන්නේ කව්රුන් ද යන්න ගැන ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවක් නොපෙනේ. මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු එක් අවස්ථාවක පවසා තිබුණේ පලස්තීනුවන් ද ඇතුළු ඕනෑම කෙනෙකුට එහි පදිංචි විය හැකි බවයි. මේ වනවිට පලස්තීනුවන් සමග ගැටුම් ඇති කරගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ද එහි පදිංචි වීමට හැකියාව ලැබෙනු ඇත.
පලස්තීන ජනතාව ඔවුන්ගේ භූමියෙන් ඉවත් කිරීම අරමුණු කරගත් ට්‍රම්ප් ගේ යෝජනාවට බොහෝ පාර්ශ්වවලින් දැඩි විරෝධය පළ වී තිබේ. ඊජිප්තුව,ජෝර්දානය වැනි රටවල් ද ඊට විරෝධය දක්වා ඇත. බොහෝ දෙනා පවසන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ නොහැක්කක් බවයි. ගාසා තීරයේ සිටින පලස්තීන ජාතිකයන්ගෙන් බහුතරයක් මෙයට එකඟ නොවනු ඇති බවට ද අදහස් පළ වේ. එක් පලස්තීන ජාතිකයකු පවසා තිබුණේ මෙය පිස්සු මිනිසෙකුගේ කතාවක් බවයි. ගාසා තීරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන හමාස් සංවිධානය ද මෙම ජෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක.
කෙසේ නමුත් ගාසා තීරයට යාබදව ඇති ඊශ්‍රායලයේ නායකයන් නම් ට්‍රම්ප්ගේ යෝජනාව සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනු දැකිය හැකි වේ. ඔවුන් කවදත් පලස්තීන ජාතිකයන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඇති වෙනවාට විරෝධය දැක්වූවන් පිරිසකි. ට්‍රම්ප් ගේ යෝජනාව ඊශ්‍රායල නායකයන් ගේ අභිප්‍රායන් සමග ඉතා හොඳින් සමපාත වන්නකි. එරට දක්ෂිණාංශික පාර්ශ්ව ට්‍රම්ප්ගේ යෝජනාව අගය කරමින් අදහස් දක්වා තිබෙනු ද දැකිය හැකි විය.
ට්‍රම්ප් මෙම යෝජනාව කර තිබුණේ ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින අතර වීම විශේෂත්වයකි. නෙතන්යාහු ද එයින් සතුටට පත්ව සිටි ආකාරයක් දැකිය හැකි විය. “මෙය අවධානයට ලක් විය යුතු යෝජනාවක්” බව ඔහු සඳහන් කර තිබිණි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාව ඉතිහාසය වෙනස් කළ හැකි යෝජනාවක් බව ද ඊශ්‍රායල අගමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.
ට්‍රම්ප් ගේ යෝජනාව විවේචනය කරන බොහෝ දෙනා පෙන්වා දෙන්නේ එය පලස්තීන ජාතිකයන් ඉලක්ක කරගත් “වාර්ගික සුද්ධයක්” වනු ඇති බව ය. ඇමරිකාව තුළින්ම ද ඊට විරෝධය පළ වී තිබෙනු දැකිය හැකි විය. එරට කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන්ගෙන් පවා ඊට විරෝධය පළවිය. ගාසා තීරය සුද්ධ පවිත්‍ර කර නැවත ඉදි කිරීමේ කටයුත්තකට සිය මුදල් වැය කරනවාට ඇමරිකානු බදු ගෙවන්නන් කැමති වනු ඇත්ද යන ප්‍රශ්නය ද සමහරුන් මතු කර තිබේ.
ඊශ්‍රායලය පලස්තීන හමාස් සංවිධානය වැනි පාර්ශ්ව දකින්නේ ඊශ්‍රායාලයේ අනාගත පැවැත්මට තර්ජනයක් ලෙසිනි.
මේ අතර ට්‍රම්ප් ගේ යෝජනාව විවේචනය කරන බොහෝ දෙනා පෙන්වා දෙන්නේ එය පලස්තීන ජාතිකයන් ඉලක්ක කරගත් “වාර්ගික සුද්ධයක්” වනු ඇති බව ය. ඇමරිකාව තුළින්ම ද ඊට විරෝධය පළ වී තිබෙනු දැකිය හැකි විය. එරට කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන්ගෙන් පවා ඊට විරෝධය පළවිය. ගාසා තීරය සුද්ධ පවිත්‍ර කර නැවත ඉදි කිරීමේ කටයුත්තකට සිය මුදල් වැය කරනවාට ඇමරිකානු බදු ගෙවන්නන් කැමති වනු ඇත්ද යන ප්‍රශ්නය ද සමහරුන් මතු කර තිබේ.
කෙසේ නමුත් ට්‍රම්ප් යෝජනා කරන වැඩපිලිවෙල සඳහා වියදම් දරන්නේ කව්ද යන්න තවම පැහැදිලි නැත.
මෙම යෝජනාවට විරුද්ධව අදහස් දක්වමින් මැද පෙරදිග බලවත් රටක් වන සෞදි අරාබිය පවසා තිබුණේ පලස්තීන ජනතාව වෙනුවෙන් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ඇති කිරීම සඳහා වන තම කැප වීම වෙනස් නොවනු ඇති බව යි.
පසුගිය කාලය තුළ ගාසා කලාපයේ පැවැති යුද ගැටුම් මේ වනවිට නතර වී තිබේ.ඒ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම නිසා ය. ට්‍රම්ප් ගේ යෝජනාව නිසා මෙම සටන් විරාමයටත් බලපෑමක් එල්ල වේවි ද යන කාරණය ද මේ වනවිට කතාබහට ලක් වෙමින් තිබේ.
නිහාල් පීරිස්