ඉතා අමාරුවෙන් ප්‍රපාතයෙන් ගොඩ එමින් සිටින ශී‍්‍ර ලංකා ආර්ථිකයට නැවතත් බොක්සිං ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එ් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන්.
ලෝකයේ වෙනත් රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීමට ඔහු මේ වනවිට පියවර ගෙන තිබෙන බව කව්රුත් දන්නා කාරණයක්. ඇමරිකාව යනු ශී‍්‍ර ලංකාවත් විශාල වශයෙන් භාණ්ඩ යවන රටක්. මෙම භාණ්ඩවලට ඉදිරියේ දී ඇමෙරිකාවේ දී ඉතා ඉහළ තීරු බදු පැනවෙනු ඇති අතර එ් නිසා එ්වායේ මිල ඉහළ යාමෙන් එ්වාට තිබෙන ඉල්ලූම අඩු වනු ඇති. මෙය ශී‍්‍ර ලංකාවේ අපනයන ක්ෂේත්රයට දැඩි බලපෑමක් කරන්නක් වනු නොඅනුමාන යි. විශේෂයෙන් ඇඟලූම් වැනි කර්මාන්ත මේ නිසා විශාල කම්පනයකට ලක් වනු ඇති. ලංකාවට ලැබෙන විදේශ විනිමය අඩු වීමටත්, නැවතත් ඩොලර් අර්බුදයක් ඇති වීමටත් මෙය හේතු වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ට්‍රම්ප් වැඩිම බදු පැනවූ රටවල් 10 අතර ශී‍්‍ර ලංකාවත් සිටිනවා. ශී‍්‍ර ලංකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා ඇමරිකාව නියම කර ඇති නව තීරු බදු ප්‍රමාණය සියයට 44 ක්. කෙසේ හෝ වේවා, ඇමරිකාව සමග සාකච්ඡුා කර මෙම ප්රශ්නය විසඳා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා. මෙම බදු කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබෙන්නේ 9 වැනි දින සිට යි.
ට්‍රම්ප් වැඩිම බදු පැනවූ රටවල් 10 අතර ශී‍්‍ර ලංකාවත් සිටිනවා. ශී‍්‍ර ලංකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා ඇමරිකාව නියම කර ඇති නව තීරු බදු ප්‍රමාණය සියයට 44 ක්. කෙසේ හෝ වේවා, ඇමරිකාව සමග සාකච්ඡුා කර මෙම ප්රශ්නය විසඳා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා. මෙම බදු කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබෙන්නේ 9 වැනි දින සිට යි.
ශී‍්‍ර ලංකාව පමණක් නොව ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් මෙම ගැටලූවට මුහුණ දී සිටින බව රහසක් නොවෙයි. කොටින්ම ඇන්ටාක්ටික් සාගරය මැද පිහිටා ඇති පෙන්ගුයින්ලා, සීල් මත්සයින් සහ හිම වලසුන් වැනි සතුන් පමණක් සිටින දූපත් වාගයකට අදාළවත් ට්‍රම්ප් මෙම තීරු බදු පනවා තිබෙනවා. මෙම බදු පැනවීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබූ අතර එය හාස්‍යයට ලක් කරන පෝස්ටු සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබුණා. මෙම බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග සාකච්ඡුා කිරීම සඳහා පෙන්ගුයින් කෙනෙකු ධවල මන්දිරයට පැමිණ සිටින ආකාරය දැක්වෙන රූපයක් එ් අතරින් විශාල ජනපි‍්‍රයත්වයක් හිමි කරගෙන තිබෙනවා. එමෙන්ම ඉහත කී දූපත්වල පෙන්ගුයින්ලා විරෝධතාවක් පවත්වන ආකාරය දැක්වෙන රූපයක් තවත් පෝස්ටුවක තිබුණා.
ට්‍රම්ප් මේ ආකාරයෙන් තීරුබදු පනවා ඇත්තේ ලෝකයේ ඉතාම ඈතින් පිහිටා ඇති දූපත් කිහිපයකට යි. මේවා හැඳින්වෙන්නේ හර්ඞ් සහ මැක්ඩොනල්ඞ් දූපත් යනුවෙන්. ඕස්ටේ්රලියාවේ සිට කි.මී. 4,000 ක් පමණ දුරිනු යි මේවා පිහිටා තිබෙන්නේ. ජන ශුන්‍ය මෙවැනි දූපත්වලටත් තීරු බදු පනවා ඇත්තේ මන්ද යන ප්රශ්නය බොහෝ පාර්ශ්ව තුළ මතු වෙද්දී ඇමරිකානු නිලධාරීන් එ් ගැන පැහැදිලි කිරීමක් කර තිබුණා. ඔවුන් කියා ඇත්තේ චීනය වැනි රටවල් මෙම දූපත් හරහා භාණ්ඩ නැව්ගත කිරීමට ඉඩ ඇති නිසා මේ ආකාරයෙන් බදු පැන වූ බව යි.
වෙනත් රටවලින් ඇමරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පනවන්නට ට්‍රම්ප් තීරණය කළේ හේතු කිහිපයක් නිසා යි. සමහර රටවල් ඇමරිකාවට විශාල වශයෙන් භාණ්ඩ විකුණුවත් ඇමරිකාවෙන් මිල දී ගන්නේ අඩුවෙන්. මෙම අසමතුලිතතාව විසඳීම ට්‍රම්ප් ගේ එක් අරමුණක්. එ් වගේම ඇමරිකානු ජනතාව ඇමරිකානු භාණ්ඩ වැඩි වැඩියෙන් මිල දී ගැනීම සඳහා පෙළඹවීමත් තවත් අරමුණක්. මේ නිසා ඇමරිකානු නිශ්පාදන ක්ෂේත්රයේ වර්ධනයක් සිදු වනු ඇතැයි ද, ආයෝජන ඉහළ යනු ඇතැයි ද ට්‍රම්ප් බලාපොරොත්තු වෙනවා.
කෙසේ හෝ වේවා, ඇමරිකාවේ ලොකුම තරගකාරයා වන චීනය ඇමරිකානු බදුවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ එකට එක කරමිනු යි. ඔවුන් ද ඇමරිකාවෙන් චීනයට ගෙන්වන භාණ්ඩ සඳහා අය කරන බදු ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. කලිනුත් චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා සියයට 10-15 අතර බදු පනවා තිබුණා. දැන් ඊට අමතරව සියයට 34 ක බදු පැනවීමට ඔවුන් පියවර ගෙන තිබෙන අතර ලබන 10 වැනි දින පටන් එ්වා කි‍්‍රයාත්මක වීමට නියමිත යි.
චීනය මේ ආකාරයෙන් තීරු බදු ඉහළ දැමීම නිසා චීනයේ විශාල වෙළෙඳපොලට භාණ්ඩ එවන ඇමරිකානු අපනයනකරුවන් විශාල අභියෝගයකට මුහුණ දෙනු ඇති. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ සමහර අපනයනකරුවන්ට සම්පූර්ණයෙන්ම චීන වෙළෙඳපොල අහිමි වීමට වුව ද ඉඩ ඇති බව යි. ඇමරිකානු කෘෂි නිශ්පාදන චීනයට අපනයනය කරන නිශ්පාදකයන්ට මෙය වඩාත් තදින් දැනෙනු ඇති බවත් මෙම විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ලෝකයේ සෑම රටක්ම පාහේ ට්‍රම්ප්ගේ මෙම නව තීරු බදු ප්‍රතිපත්තිය ගැන දැඩි නොසතුටෙන් පසුවන ආකාරය දැකිය හැකියි. මෙම බදු නිසා ඉදිරියේ දී ලෝක ආර්ථිකයේ පසුබෑමක් සිදුවනු ඇති බවටත් අනාවැකි පළවෙමින් තිබෙනවා. අප අයත් වන ආසියානු කලාපයට මෙයින් දැඩි බලපෑමක් වනු ඇති බවත් විශ්වාස කෙරෙනවා. ට්‍රම්ප් වැඩියෙන්ම බදු පනවා ඇති රටවල් 10 න් 5 ක්ම ආසියානු රටවල්.
චීනය මේ ආකාරයෙන් එකට එක කරමින් බදු පැනවීමත් සමග ට්‍රම්ප් ඔවුන්ට තවත් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. එනම් චීනය පැන වූ සියයට 34 අමතර තීරු බද්ද වහා ඉවත් කර නොගත්තොත් චීන භාණ්ඩවලට තවත් සියයට 50 ක බද්දක් පනවන බව යි. මෙම තත්වය තුළ ඇමරිකාව සහ චීනය අතර ඉතා උණුසුම් වෙළෙඳ යුද්ධයක් ගොඩ නැගෙමින් ඇති ආකාරය දැකිය හැකියි. තමුන් ‘අවසන් ලේ බිංදුව’ දක්වාම සටන් කරන බවක් චීන බලධාරීන් පවසනවා.
ලෝකයේ සෑම රටක්ම පාහේ ට්‍රම්ප්ගේ මෙම නව තීරු බදු ප්‍රතිපත්තිය ගැන දැඩි නොසතුටෙන් පසුවන ආකාරය දැකිය හැකියි. මෙම බදු නිසා ඉදිරියේ දී ලෝක ආර්ථිකයේ පසුබෑමක් සිදුවනු ඇති බවටත් අනාවැකි පළවෙමින් තිබෙනවා. අප අයත් වන ආසියානු කලාපයට මෙයින් දැඩි බලපෑමක් වනු ඇති බවත් විශ්වාස කෙරෙනවා. ට්‍රම්ප් වැඩියෙන්ම බදු පනවා ඇති රටවල් 10 න් 5 ක්ම ආසියානු රටවල්.
ඇමරිකාව තුළින්ම පවා ට්‍රම්ප්ගේ තීරු බදු ඇතුළු ඇතැම් ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධයක් මතු වෙමින් තිබෙනු දැකිය හැකියි. නගර රැසක විශාල විරෝධතා පැවැත්වෙන ආකාරයක් පසුගිය දිනවල දැකගන්නට ලැබුණා.
ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩවලට ඉහළ තීරු බදු පැන වූ විට රට තුළ භාණ්ඩ මිල ඉහළ යාමක් සිදුවීම වැලැක්විය නොහැකියි. මේ නිසා ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමක් සිදු වෙනවා. ජීවන වියදම ඉහළ යාම දැන් කාලයක සිටම ඇමරිකානුවන්ට විශාල පීඩනයක් එල්ල කර තිබෙන බව රහසක් නොවෙයි. පසුගිය වසරේ පැවැති එරට ජනාධිපතිවරණයේ දීත් මෙම ජීවන වියදම් ප්රශ්නය තීරණාත්මක බලපෑමක් කළා. හිටපු ජනාධිපති ජෝ බයිඞ්න් ගේ පරාජයට හේතු වූ කාරණා අතර මෙයත් ඉදිරියෙන්ම තිබුණා.
දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වන විරෝධය නිසා ට්‍රම්ප්ට ඉදිරියේ දී මෙම තීරු බදු සම්බන්ධයෙන් නැවත සලකා බලන්නට සිදුවිය හැකියි.
නිහාල් පීරිස්