ටින් අංකය නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්

බදු ලියාපදිංචියේදී ටින් අංකයක් නිකුත් කිරීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී එම අංකයම ටින් අංකය ලෙස භාවිත කිරීමට යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාව සකස් කෙරෙන බවයි.

ඊට අදාළ යෝජනාව සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේ ය.

ඒ සඳහා ආයතන 6කින් නිර්දේශ ඉල්ලා තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට ඉන් ආයතන 4 ක් නිර්දේශ ලබාදී ඇති බවයි.

තවත් ආයතන දෙකක නිර්දේශ ලැබීමට නියමිත බව, අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කාලීන පුවත්