ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ” ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් ” පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

එම කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වැදගත් සන්නිවේදන රැහැන් පෞද්ගලික සමාගම් සතුවුවහොත් ජාතික ආරක්ෂක සහ රාජ්‍ය ආරක්ෂක මෙහෙයුම් අනතුරට ලක්වී බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.

කාලීන පුවත්