නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම වෙනුවෙන් රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වූ හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට ජාතික රූපවාහිනී සංස්ථාව තීරණය කොට තිබේ.නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම වෙනුවෙන් එම විකාශනය ලබා ගෙන ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බවත් එම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී තිබුණද විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවත් මේ සම්බන්ධයෙන් ගමගේ මහත්මියට නඩු පැවරීමට තමන් අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා කීය.