ඩයනා නිසා නීතීඥවරු අධිකරණයේදී උණුසුම් වචන හුවමාරුවක

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැදවු අවස්ථාවේදි දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.

ඒ අනුව, නඩුව පසුවට කල් තැබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේ. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බවයි සදහන් වන්නේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පුරවැසිභාවය හා විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව මේ දක්වා සටහන් කරගෙන තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදි.

කාලීන පුවත්