ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. ඔහු Dialog Axiata හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇති බවයි සඳහන් වෙයි.
Asia Mobile Awards හි ඉහළම ගෞරවය වන ‘Asian Mobile Industry සඳහා විශිෂ්ට දායකත්වය’ සම්මානයෙන් ආචාර්ය විජයසූරියට ගෞරව කර ඇති අතර 2008 දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කර තිබුණි.
ආචාර්ය විජයසූරිය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද, එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ඩිජිටල් ජංගම සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා තිබේ.