පවතින වැසි සහිත කාලගුණික තත්වයක් සමඟ ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන් සඳහන් කරයි.
ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2339 දෙනකු හමු වී ඇති අතර වැඩිපුර ඩෙංගු රෝගීන් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඩෙංගු මර්ධන වැඩ සටහනේ දත්ත වාර්තා සඳහන් කරයි.
කොළඹ දිස්ත්රික්කයෙන් 14070ක් ගම්පහ දිස්ත්රික්කයෙන් 13742ක් කළුතර දිස්ත්රික්කයෙන් 4307ක් ආදී වශයෙන් බස්නාහිර පළාතෙන් ඩෙංගු උණ රෝගීන් හමුවී තිබෙන බව ද එම දත්ත වාර්තාවල සඳහන් වේ.