ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීමට කියුබානු රජයේ සහයෝගය

ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ද්‍රේස් මර්සෙලෝ මහතා ප්‍රකාශ කරනලදි. ඒ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බවයි තානාපතිවරයා සඳහන් කර තිබේ.

කාලීන පුවත්