ඩොලරය රුපියල් 260 තෙක් ඉහළට

ඩොලරය රුපියල් 260 තෙක් ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් ඩොලරය පා කර හැරීමේ ප‍්‍රතිපත්තිය මත අද වෙළෙඳපොළ ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 260ක් ලෙස සටහන් වී තිබේ.මහජන බැංකුවේ ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 248.29 ක් වූ අතර විකුණුම් මිල රුපියල් 259.99 ක් ලෙස සටහන් වූ මුත්.කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, මෙන්ම සම්පත් බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙස වාර්තා විය.කෙසේ වෙතත් ලංකා බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 225.50 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල රුපියල් 230 ක් ලෙස සටහන් ව තිබේ.

කාලීන පුවත්