කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධියේ සත්‍යතාව මුල් කොට එල්ල වී තිබෙන චෝදනා මුල් කොට තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රකාශයක් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ඒ කතානායකවරයාගේ ආචාර්ය උපාධිය ගැන ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙනි.එහි දී ඔහු වෙත එල්ලවන චෝදනා සත්‍ය හෝ අසත්‍ය වීම මත සුදුසු පියවර ගන්නා බව ද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.කෙසේ හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායක අශෝක රන්වල මහතාගේ නමට ඉදිරියෙන් තිබූ ආචාර්ය ( Dr:) යන හැඳින්වීම ද මේ වන විට ඉවත් කොට තිබේ.